ලෝක නිෂ්පාදන අවශ්‍යතාව මත කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂේත්රයෙහි පටක රෝපණ තාක්ෂණයෙන් පැළ සහ ද්විතීක පරිවෘත්තීය ද්‍රව්‍ය නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබාදී ඇත. එමෙන්ම එය විශාල කැපීපෙනෙන වර්ධනයක් කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ හිමිකරගෙන ඇත. මෙහි විශේෂත්වය වනුයේ වෛරස ආදී රෝගයන්ගෙන් තොරව සමජාතීය වූ පැළ නිෂ්පාදනය කිරීමට හැකිවීමයි. එමෙන්ම ජානමය වෙනස්කම් සිදුකිරීම තුළින් වඩාත් ඵලදායින් කාර්යක්ෂම නිෂ්පාදනයන් ලබා ගැනීම සඳහාද මෙම තාක්ෂණය භාවිතාවේ. ක්ෂුද්‍ර ප්‍රචාරණයක් තුළින් පැල නිෂ්පාදනය සහ ජාන සම්ප්‍රේෂණය සම්බන්ධ අධ්‍යයනයන් සඳහාද මෙම තාක්ෂණය බහුලව භාවිතාවේ.
පාඨමාලා අරමුණු
- කෘෂිකාර්මික නිෂ්පාදනතාව වැඩි කිරීම සඳහා නවීන ජෛව තාක්ෂණික උපක්‍රමයක් ලෙස පටක රෝපණ තාක්ෂණය පිළිබඳ දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම
ඉලක්ක කණ්ඩායම්
- ප්‍රායෝගික දැනුම ලබා ගැනීමේ අරමුණින් පටක රෝපණ තාක්ෂණය පිළිබඳ මූලික සහ උසස් දැනුම දැනුම අවශ්‍ය වන ඕනෑම පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායම්
පාඨමාලා සම්ප්‍රේෂණ මාධ්‍යය
- දේශන සහ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාකාරකම් පටක රෝපණ පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාගාරය, කෘෂි තාක්ෂණික අධ්‍යයන අංශය, කොළඹ විශ්ව විද්‍යාලය, කෘෂි තාක්ෂණික සහ ග්‍රාමීය විද්‍යා ආයතනය, වැලිගත්ත, හම්බන්තොට හිදී පැවැත්වේ,
පාඨමාලා කාලය
- සති 12 (සෙනසුරාදා සහ ඉරිදා දිනවල උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා)
පාඨමාලා පැය ගණන
- පැය 147 (න්‍යායාත්මක දේශන, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ස්වාධීන අධ්‍යයන කාලයන් හා ඇගයීම් මත පදනම් වූ ක්‍රියාකාරකම් මෙහි අන්තර්ගත වේ)
මාධ්‍යය
- සිංහල සහ ඉංග්‍රිසි
ඇතුළත් වීමේ සුදුසුකම්
- අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී (GCE O/L) එක් පෙනී සිටීමකදී විෂයයන් පහකින් සමත්වීම හෝ අදාල ක්ෂේත්රයෙහි වසරක අවම පලපුරුද්ද
පාඨමාලා ගාස්තුව
- රුපියල් 40,000.00 (තෝරාගැනීමෙන් පසු පාඨමාලාව සඳහා ලියාපංදිචි වීමේදී සම්පූර්ණ ගාස්තුව ගෙවිය යුතුවේ)
ලියාපංදිචි ගාස්තුව
-
Rs. 500.00
ඇගයීම් ක්‍රමවේදය
- අඛන්ඩ ඇගයීම් 60% හා අවසන් ලිඛිත විභාගය සඳහා 40%
අයදුම් පත්‍ර භාරගන්නා අවසාන දිනය
28.07.2025 (අයදුම් කළ අනුපිළිවෙල මත සුදුසුකම් සපුරා ඇති අය පාඨමාලාව සඳහා තෝරා ගනු ලැබේ)
විමසීම්
ආචාර්ය N. P. විදානපතිරණ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අංශ ප්‍රධාන
කෘෂි තාක්ෂණික අධ්‍යයන අංශය,
කොළඹ විශ්ව විද්‍යාලය,
කෘෂි තාක්ෂණික සහ ග්‍රාමීය විද්‍යා ආයතනය,
වැලිගත්ත, හම්බන්තොට.
දුරකථන : 071 105 0716 / 071 1212329
Or

පාඨමාලා සැකැස්ම සහ අන්තර්ගතය:
ශාක පටක රෝපණ තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව SLQF 2 වන මට්ටම (NVQ 4 වන මට්ටම) සඳහා නිර්දේශිත පාඨමාලාවකි.
ඒකකය | සැසිය | අන්තර්ගතය |
01
පටක රෝපණ තාක්ෂණය හැඳින්වීම
|
01 සැසිය | ජෛව තාක්ෂණික මෙවලමක් ලෙස පටක රෝපණ තාක්ෂණයේ ඉතිහාසය |
02 සැසිය | පටක රෝපණ තාක්ෂණය සඳහා නිර්දේශිත විද්‍යාගාර සැකැස්ම | |
03 සැසිය | පටක රෝපය තාක්ෂණය සඳහා අඩු වියදම් යෙදවුම් | |
04 සැසිය | පටක රෝපණ තාක්ෂණයේදී භාවිතා වන උපකරණ / යන්ත්‍ර සූත්‍ර හා සම්මත පරාමිතීන් | |
05 සැසිය | මාතෘ ශාක තෝරාගැනීම සහ නඩත්තුව | |
02
තාක්ෂණික අවශ්‍යතාවන් සහ ප්‍රායෝගික පුහුණුව
|
01 සැසිය | පූර්වකව හඳුනා ගැනීම සහ සංස්ථාපනය සඳහා සූදානම් කිරීම |
02 සැසිය | අවශ්‍ය ද්‍රව්‍ය සැකසීම සහ උපායමාර්ගික ක්‍රියාකාරකම් | |
03 සැසිය | සාන්ද්‍ර ද්‍රාවණ සැකසීම සහ ගබඩා කිරීම | |
04 සැසිය | රෝපණ මාධ්‍ය සැකසීම සහ ජීවානුහරණය | |
05 සැසිය | පූර්වක සංස්ථාපනය සහ නඩත්තු කිරීම | |
03
පටක රෝපණ තාක්ෂණයේ විශේෂ කළමනාකරණ ක්‍රියාකාරකම් |
01 සැසිය | උප වගා නඩත්තු කිරීම |
02 සැසිය | මුල් ඇතිවීම ඇතිවීම සහ අංගජනනය | |
03 සැසිය | පටක රෝපණ විද්‍යාගාර කළමනාකරණ ක්‍රියාකාරකම් | |
04 සැසිය | ක්ෂුද්‍රජීවි ආසාදන හඳුනාගැනීම සහ පැළ හුරු කිරීම | |
05 සැසිය | පටක රෝපණ තාක්ෂණයේ අනාගතය ප්රවණතාවයන් |
පාඨමාලා ඉගෙනුම් අරමුණු
පැය 147 ක අධ්‍යයන කාලය සම්පූර්ණ කිරීමෙන් පසුව ශිෂ්‍යයන් හට පහත අරමුණු ළඟා කර ගත හැකිවේ.
CLO1: ජෛව තාක්ෂණික මෙවලමක් ලෙස පටක රෝපණ තාක්ෂණයේ සංකල්ප අර්ථකථනය
CLO2: පටක රෝපණ තාක්ෂණයේ වැදගත්කම හඳුනාගැනීම
CLO3: පටක රෝපණයේදී භාවිතා වන විවිධ ක්ෂුද්‍ර ප්‍රචාරණ ක්‍රියාකාරකම් ප්‍රායෝගික අධ්‍යයනය
CLO4: ශාක පටක රෝපණ තාක්ෂණික ප්‍රායෝගික නිපුණතාවයන් ළඟා කර ගැනීම
CLO5: රසායන ද්‍රව්‍ය, රෝපණ මාධ්‍යයන් සහ උපකරණ පිළිබඳ විස්තරාත්මක හඳුනා ගැනීම
CLO6: විවිධ අවශ්‍යතා මත භාවිතා වන ශාක හෝමෝන විශ්ලේෂණය කිරීම
CLO7: ශාක අංගජනන තාක්ෂණවේදය ප්‍රායෝගික අත්හදා බැලීම
CLO8: ශාක පටක රෝපණ තාක්ෂණයේ අනාගත අවස්ථා සහ සක්‍යතාවයන් හඳුනා ගැනීම
CLO9: ශාක පටක රෝපණ තාක්ෂණයේ ඇති ගැටළු සඳහා විසඳුම් ගවේෂණය
CLO10: දේශීය සහ අන්තර්ජාතික වෙළඳපල තුළ පටක රෝපන නිෂ්පාදන සඳහා ඇති විභවතාවයන් අධ්‍යයනය කිරීම